Friday, April 26, 2024

General line - 0115112241

තරංග - ඩිල්ෂාන් ගේ සුපිරි පිතිහරඹයෙන් ලෙජන්ඩ්ස් කුසලානය ඒෂියා ලයන්ස් පිලට




2023 ලෙජන්ඩ්ස් ශුරතාවය දිනා ගැනීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම සමත් වුවා. ඒ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 07 කින් පරාජයට පත් කරමින්.

මෙවර ලෙජන්ඩ්ස් තරගාවලිය පැවැත්වුනේ දෝහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඒෂියා ලයන්ස් අබ්දුර් රසාක් කඩුලු 02ක් සහ තිසර පෙරේරා එක් කඩුල්ලක් දවා ගනු ලැබුවා.

ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ඒෂියා ලයන්ස් පිල පන්දු ඕවර් 16.1 කදී කඩුලු 03ක් දැවී සිය ඉලක්කය සපුරා ගනු ලැබුවා.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට උපුල් තරංග සහ ටී.එම්. ඩිල්ෂාන් සමත් වුණා.

එහිදී උපුල් තරංග ලකුණු 57, ටි.එම්. ඩිල්ෂාන් ලකුණු 58ක් රැස් කරනු ලැබුවා.

ඒ අනුව වර්ල්ඩ් ජයන්ට්ස් පිල කඩුලු 07 කින් පරාජය කරමින් 2023 ලෙජන්ඩ්ස් ශුරතාවය දිනා ගැනීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම සමත් වුවා.