Tuesday, February 4, 2025

General line - 0115112241

කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ බදු අත්හිට වූවත්, ට්‍රම්ප් චීනයට පැනවූ බදු වෙනස් නොකරයි



අමෙරිකාවට ගෙන්වන චීන භාණ්ඩ සඳහා සියයට දහයක අතිරේක තීරු බද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා. 

නැවත වරක් බලයට පත් වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට අමතර සියයට විසි පහක තීරු බද්දක් පැනවීමට තීරණය කළද එය මාසය කාලයක් සඳහා අත්හිටවනු ලැබුවා.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ සඳහා අමතර තීරු බද්දක් පැනවීමට ගනු ලැබූ තීරණය වෙනස්කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 

සිය පළමු ධූර කාලයේදී ද ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනායනය ඉලක්ක කර ගනිමින් තීරුබදු පැනවීමක් සිදුකල අතර ඊට ප්‍රතිචාර දක්වමින් බීජින් පරිපාලනය ප්‍රකාශ කළේ චීනය වෙළඳ යුද්ධයකට බිය නොවන බවයි.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙවර පනවා ඇති අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 

නව බදු පැනවීම් ක්‍රියාත්මක වුවහොත් අමෙරිකාවේ භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යනු හැකි බවද එම වාර්තා පෙන්වා දෙනවා.