Saturday, September 21, 2024

General line - 0115112241

‘බුද්ධ මන්දිරය එපා’ – උතුරේ යෝජනාව සම්මතයි




කිලිනොච්චිය ඉරණමඩු කනකඅම්බිගෙයි අම්මාන් කෝවිල අසළ බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් වහාම නතර කළ යුතු බවට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර ඇත්තේ සුබ‍්‍රමනියම් පසුපතිපිල්ලේ මන්ත‍්‍රීවරයා විසින්. කන්දයියා සර්වේෂ්වරන් මන්ත‍්‍රීවරයා එය ස්ථිර කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කනකඅම්බිගෙයි අම්මාන් කෝවිලට අයත් ඉඩමෙන් අක්කර 4 ක ප‍්‍රමාණයක් යුද හමුදා කඳවුරකට අත්පත් කරගෙන ඇතැයි ද බුද්ධ මන්දිරය ඉදි කෙරෙන්නේ එම ඉඩමේ බවද කන්දයියා සර්වේෂ්වරන් මන්ත‍්‍රීවරයා කියා සිටියා. කෝවිලේ ප‍්‍රධාන පූජකවරයාගේ නිවස ද ඒ අසළම පිහිටා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.