අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ඇප නියම වී තිබෙනවා.
රත්නපුර මහෙස්ත්රාත් සමන් ඩි. කේ. බරණලියනගේ මහතා නියෝග කළේ සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා රුපියල් පනස්දහසක ඇප මුදලක් සහ ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප ලබාදෙන ලෙසයි.
එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින උදේ 9ත් 12ත් අතර කොළඹ සමූහ මංකොල්ල අපරාධ අංශයට වාර්තා කළ යුතු බවත් ඔහුට නියම කළා.
රුපියල් කෝටි 14ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපළ ඒක පාර්ශ්විකව පැමිණිලිකරුට ලබාදිම සම්බන්ධයෙන් ඔහු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.