වැල්ලවාය, කොස්ලන්ද ප්රධාන මාර්ගයේ 252 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී රිය අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට මාරු කර තිබෙනවා.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ නාවුල, කොස්ලන්ද ප්රදේශයේ පදිංචි තරුණයෙක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.