Thursday, January 2, 2025

General line - 0115112241

විදුලි ගාස්තු අඩු නොකිරීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වූ පාඩුව ජනතාවට ලබා දෙන්නයි ඉල්ලීමක්




නියමිත කාලයේදී විදුලි ගාස්තු අඩු නොකිරීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වූ පාඩුව ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට යලි ලබාදිය යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති එච් ටී ආර් අතුල මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වහා තීන්දුවක් ගත යුතු බවයි.

මේ අතර ලබන වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 06 ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම පසුගිය දෙසැම්බර් 17 වනදා ආරම්භ වුණා. 

ඒ අනුව විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලිබල කර්මාන්තයේ සියලු පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනා සියලුම පළාත් ආවරණය වන පරිදි ලබා ගන්නා බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ. 

ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ලබන වසර සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය ජනවාරි මස 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.