Friday, January 10, 2025

General line - 0115112241

අවුරුදු උත්සව සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්




අවුරුදු උත්සව සංවිධාන කරන පුද්ගලයින් හෝ සංවිධාන ඒ සම්බන්ධයෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ පොලීසියෙන් ඒ සඳහා අවසර ලබාගැනීමෙන් මතුවිය හැකි ගැටලු රැසක් මගහරවා ගත හැකි බවයි. 

අවුරුදු උත්සව හෝ සංගීත සංදර්ශන වැනි කටයුතු සංවිධාන කරන සංවිධායකයින් ඊට සහභාගි වන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමකින් කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නා.