පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 38කින් භාණ්ඩ 25ක මිල අඩු වී ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
අදාළ කාලසීමාව තුළ මිල වැඩිවී ඇත්තේ භාණ්ඩ වර්ග අතරින් 08ක පමණක් බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
ඒ අනුව අදාළ භාණ්ඩ වර්ගවල මිල අඩුවීම ආසන්න වශයෙන් සියයට 19ක් පමණ වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂය ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනාවක්ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා.
එම යෝජනාව ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානී කිරිඇල්ලද එහිදී අදහස් පළ කළා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් දැක්වුවා.