Thursday, May 2, 2024

General line - 0115112241

අවශ්‍ය මොහොතේ බලය පෙන්වීමට සූදානම් - පොහොට්ටුව කියයි




අවශ්‍ය අවස්ථාවකදී බලය පෙන්වීමට සිය පක්ෂයට හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාරගෙන් මාධ්‍යවේදීන් අද කරුණු විමසීමක් කළා.

ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර.


මේ අතර නිදහස ජනතා සභාව අද පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.