Wednesday, May 1, 2024

General line - 0115112241

පොලිස් වෙඩි නොතකා ඌරුගස්මන් හංදියේදී වරෙන්තුකරුවෙකු පලා යයි




ඌරගස්මන් හංදිය ඇලකාක ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඌරගස්මන් හංදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සහ දරා ඇති  බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එහිදී පොලිස් නිලධාරියෙකු සහ වරෙන්තුකරු අතර පොරබැදීමක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ වරෙන්තුකරු පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී සැකකරු මෙල්ල කිරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර එහෙත් සැකකරු මෙල්ල නොවීම හේතුවෙන් පොලිස් නිලධාරියා වරෙන්තුකරුට වෙඩිතබා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත් වෙඩි වැදුණු සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර මීගොඩ ප්‍රදේශයේදී සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන්  රැදවුම් නියෝගමත ප්‍රශ්න කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව