Saturday, May 4, 2024

General line - 0115112241

චීනයේ රහස් පොලිස් ස්ථාන සොයා දකුණු කොරියාවේ මෙහෙයුම්




සිය රට තුළ චීනය විසින් හොර රහසේ පවත්වාගෙන යන පොලිස් ස්ථාන සොයා දකුණු කොරියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දකුණු කොරියාව මෙම පියවර ගෙන ඇත්තේ හොර රහසේ පවත්වාගෙන යන චීන පොලිස් ස්ථාන සම්බන්ධයෙන් බටහිර සහ යුරෝපීය රටවල් ද චීනයට චෝදනා එල්ල කරමින් සිටින පසුබිමක් තුළයි.

මෙම වසරේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සෝල් අගනුවර තුළ චීනයේ පොලිස් ස්ථාන හොර රහසේ ක්‍රියාත්මක වන බව දකුණු කොරියානු නිලධාරීන් විසින් අනාවරණ කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි. දකුණු කොරියානු ජාතික බුද්ධි සේවය සහ පොලීසිය එක්ව සෝල් අගනුවර සහ ජේජු දූපත තුළ චීන රජයට පක්ෂපාතීව හොර රහසේ ක්‍රියාත්මක වන පොලිස් ස්ථාන සොයා මෙහෙයුම් දියත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.