Thursday, May 2, 2024

General line - 0115112241

රටේ පාවෙන ඡන්ද සියයට 70 ක් දක්වා ඉහලට




සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය විශ්වාස කරන පිරිස මේවනවිට සියයට 30 කටත් වඩා අඩුවී ඇතැයි නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

ඉදිරි මහ මැතිවරණය රටේ තීරණාත්මක මැතිවරණයක් වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 


ඉදිරියේදී දේශපාලන පක්ෂ වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මෙහිදී අදහස් පළ කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.