Saturday, July 27, 2024

General line - 0115112241

පොහොය වුවත් අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් RDB බැංකු විවෘත වෙයි




අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ගිණුම් ආරම්භ කිරීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛා අද දින ද විවෘත කර තැබෙන බව RDB බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - මෙහෙයුම්, ප්‍රසාද් හඳුන්හේවා පවසනවා. 

අද දින පොහොය දින වුවද අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පහසුව සඳහා මෙම පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ. 

මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි.