Monday, April 29, 2024

General line - 0115112241

චීනයට ඔත්තු දුන් අමෙරිකානුවන් දෙදෙනෙකුට වැඩ වරදී




චීනය සමග සබඳතා පැවැත්වූ අමෙරිකානු නාවික හමුදාවේ සාමාජිකයි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීන බුද්ධි නිලධාරීන්ට හමුදා රහස් සහ සංවේදී තොරතුරු ලබා දුන් බවට ඔවුන්ට චෝදනා එල්ල වන බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 සහ 26  යන වයස් සීමාවල පසුවන නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක්.

එක් නාවික හමුදා සෙබළෙකුට චීන ජාතිකයන් වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව යටතේ ඔත්තු බැලීමේ පනතට අනුව පියවර ගනු ඇති.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ සංවේදී තොරතුරු  අවභාවිත කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අනෙක් සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ චීන බුද්ධි අංශ නිලධාරියෙකුට සංවේදී හමුදා තොරතුරු ලබා දීම සඳහා අල්ලස් ලබා ගැනීම සම්බන්ධවයි