ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
සීමිත පන්දුවාර තරඟ සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් තමන් එම තීරණය ගත් බවද වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබෙනවා.
වනිඳු හසරංගගේ එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීන් ඇෂ්ලිද සිල්වා පැවසුවා.
වනිඳු හසරංග ටෙස්ට් තරඟ 4කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති අතර එහිදී කඩුලු 4ක් දවා ගෙන තිබෙනවා.
පිතිකරුවෙකු ලෙස ටෙස්ට් ඉනිම 7කදී එක් අර්ධ ශතකයක් සමඟින් ඔහු රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 196ක්.
එක් දින සහ 20යි 20 පිටියේදී වැඩි දස්කම් දක්වන වනිඳු හසරංග නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 20යි 20 පන්දු යවන්නන් අතරේ 03වන ස්ථානයේ රැඳී සිටිනවා.
එමෙන්ම, 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 05වන ස්ථානයද හිමිව ඇත්තේ වනිඳු හසරංගටයි.
ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ 08වන ස්ථානයද වනිඳු හසරංගට හිමිව තිබෙනවා.