Friday, October 18, 2024

General line - 0115112241

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට කප් සිටුවයි




මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව සිව්මහා දේවාලවල කප් සිටුවීම අද අලුයම සිදුකෙරුණා.

ඒ, අලුයම 6 යි 12 ට යෙදුණු සුබ මොහොතින්.

ඒ අනුව නාථ, විශ්ණු, කතරගම සහ පත්තිණි යන දේවාලවල කප් සිටුවීම චාරිත්‍රානුකූලව සිදුකළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

කප් සිටුවීමෙන් පසු පළමු කුඹල් පෙරහැර ලබන 21 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

දින 05 ක් කුඹල් පෙරහැර පැවැත්වීමෙන් පසු පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 26 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

අවසන් මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 30 වනදායි.