Monday, April 29, 2024

General line - 0115112241

පිරමිඩ වංචා වැළැක්වීමට අලුත් පනතක් ළඟදීම.




මහ බැංකුව විසින් නියාමනය නොකරන සහ මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැති කිසිදු මූල්‍ය ආයතනයක හෝ බැංකුවක සිය මුදල් තැන්පතු නොකරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පිරමීඩ වංචාකරුවන් සූක්ෂම ලෙස දිළිඳු ජනතාව රවටමින් එවැනි ව්‍යාපාර දිවයින පුරා සිදු කරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 


පිරමීඩ වංචා වළක්වා ගැනීම සඳහා නව ක්ෂූද්‍ර මූල්‍ය පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වැඩ පිළිවෙළක් සකස් කරමින් පවතින බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා. ඒ හරහා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ යෙදෙන ආයතන සහ ඔවුන්ගෙන් ප්‍රතිලාභ ලබා ගන්නා කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙම අදහස් පළ කළා.