Monday, April 29, 2024

General line - 0115112241

2023 ඩී එස් අයි සුපර් ස්පෝර්ට් පාසැල් වොලිබෝල් තරඟාවලියේ අවසන් දිනය අද




2023 ඩී එස් අයි සුපර් ස්පෝර්ට් පාසැල් වොලිබෝල් තරඟාවලියේ අවසන් දිනයේ තරඟ අද පැවැත්වෙනවා. 

ඒ, සීදුව, දවිසමර මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදීයි. මෙවර පැවැත්වෙන්නේ එම තරඟාවලියේ 21ක් වන අදියරයි. 

තරඟාවලියට අදාළ සියලු වයස් කාණ්ඩවල ජාතික මට්ටමේ බාලක තරඟ ඉකුත් 26 හා 27 යන දෙදින පුරා පැවැත්වුණු අතර ජාතික මට්ටමේ බාලිකා තරඟ පැවැත්වුණේ ඊයේ දිනයේදීයි.

ඒ අනුව, ඩී එස් අයි සුපර් ස්පෝර්ට් පාසැල් වොලිබෝල් තරඟාවලියේ ජාතික මට්ටමේ ඉතිරි සියලු තරඟ සීදුව, දවිසමර මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.