Monday, April 29, 2024

General line - 0115112241

රුසියාවට සහ උතුරු කොරියාවට සම්බාධක පැනවීමට බටහිර රටවල සූදානමක්




රුසියාවට සහ උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සූදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව අමෙරිකාව පවසන්නේ දෙපාර්ශවය අතර යුධ අවි හෝ තාක්ෂණික ගනුදෙනුවක් සිදුවුවහොත් රුසියාවට සහ උතුරු කොරියාවට නව සම්බාධක පනවන බවයි. 
 

එමෙන්ම උතුරු කොරියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා සහය ලබාදීමට රුසියාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ද අමෙරිකාව අනතුරු අගවා තිබෙනවා. 

අමෙරිකාව පවසන්නේ රුසියාව එලෙස උතුරු කොරියාවේ චන්ද්‍රිකා තාක්ෂණය සඳහා සහයෝගය ලබාදීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලිය උල්ලංඝනය කිරීමක් බවයි.
 

මේ අතර රුසියානු සහ උතුරු කොරියානු නායකයින් දෙපළ අතර හමුව සාර්ථක බව විදෙස් මාධ්‍ය පවසනවා. 

ඒ අනුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට සංචාරයකට පැමිණෙන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ආරාධනා කර ඇති අතර පුටින් එම යෝජනාව පිළිගෙන ඇතැයි සඳහන්.