Saturday, December 2, 2023

General line - 0115112241

“කදිර දිව්‍යරාජ” සිනමා සිත්තමෙන් වාර්තාගත ආදායමක්




“කදිර දිව්‍යරාජ” සිනමා සිත්තම අති සාර්ථක දින 50 පසුකර ලක්ෂ 2,000 ක වාර්තාගත ආදායමක් පසුකිරීම හා ශ්‍රී ලාංකීය සිනමාවට සෙත් පතා ලබන 29 වනදා විශේෂ ආගමික වතාවත් කිහිපයක් පැවැත්වෙනවා.

ඒ, කතරගම කිරිවෙහෙර පුදබිමේදී හා කතරගම දේවාල පරිශ්‍රයේදීයි.

සිනමා කර්මාන්තය නගා සිටුවීමට සිය ආයතනය දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ද කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ නිෂ්පාදක, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ එහිදී අදහස් පළ කළා.