Friday, January 24, 2025

General line - 0115112241

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ගෙන් ලෙඩ නිවාඩු දැමූ වෛද්‍ය වාර්තා ඉල්ලයි




දුම්රිය වර්ජනය අවසන් වුවද වර්ජනයට එක්වූ දුම්රිය නියාමක සංගමයේ සාමාජිකයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව පවසනවා.

ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ ලෙඩ නිවාඩු දමමින් වෘත්තිය ක්‍රිායාමාර්ගයක නිරත වූ දුම්රිය සේවකයින්ගෙන් එලෙස ලෙඩ නිවාඩු දැමීමට අවශ්‍ය ලිපි ලේඛණ සියල්ල ලිඛිතව ලබාගැනීමටයි.

කිසියම් අයෙකු එලෙස නීත්‍යානුකූල නොවන පරිදි ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කර නොමැති නම් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නෙත් නිවුස් වෙත පැවසුවා.


දුම්රිය නියාමක සංගමයේ සාමාජිකයින් පෙරේදා පස්වරුවේ හදිසියේ ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු වූ අතර මගීන්ද ඉන් දැඩි අපහසුතාවට පත්වුණා.