Friday, January 24, 2025

General line - 0115112241

ඊ ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට




ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම සිද්ධියට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණ නිලධාරියෙකු ඊ ටිකට්පත් 92ක් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. 

ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම් අනුව මාතලේ ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. 

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව ඊ ටිකට්පත් 29ක් සමග තවත් සැකකරුවෙකු මහනුවර අපරාධ කොට්ඨාස විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා. 

ඒ අනුව මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 03ක්.