Thursday, January 23, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ




ආන්දෝලනයකට තුඩු දුන් 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණා. 

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන අඅඅගාදබැඑිගකන වෙත පිවිස එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ. 

2024 වසරේ සැප්තැම්බර් මස 15 වනදා පැවති 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 19,284 දෙනෙකු පෙනී සිටියා. 

ඒ අතරින් සිසුන් 51,244 දෙනෙකු කඩයිම් ලකුණු සීමාවෙන් ඉහළ ලකුණු ලබාගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් කලින් පිටවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මව්පියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා. 

ඒ හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම ද ප්‍රමාද වුණා. 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම්වලට අදාළව ලබා දුන් තීන්දුවට අනුවයි මෙම ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ.