Saturday, July 27, 2024

General line - 0115112241

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවතට




ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉකුත් කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස රොෂාන් රණසිංහ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.