ශ්‍රී ලංකාවේ ණය හිමියන් වන රටවල් කිහිපයක් මෙරටට ණය සහනයක් ලබාදීමේ එකඟතාවකට එළඹීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ එම රටවල් ණය ආපසු ගෙවීමේ කාලසීමාවන් දීර්ඝ කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණීමට ඉඩ ඇති බවයි.
ජපානයේ වාර්තාවක් උපුටා දක්වමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබුණ ද ඊට පදනම් වූ මූලාශ්‍රයක් හෝ වැඩිදුර මුදාහැරීමක් කිසිඳු පාර්ශවයකින් මෙතෙක් අනාවරණ කර නැහැ.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ණය හිමියන් වන අදාළ රටවල් සමූහයේ සම සභාපතිත්වය ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව විසින් දරණ බවයි වාර්තා වන්නේ.
චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන නමුත් විධිමත් සාමාජිකයෙකු ලෙස මෙම කණ්ඩායමට සම්බන්ධ වීමෙන් වැළකී සිටින බව ද සඳහන්.