පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් තමන් වෙත ලැබී නොමැති බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද ඊට මැදිහත් වුණා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද මෙහිදී අදහස් පළ කළා.
පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන දිනය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා ඇසූ පොල් පිළිබඳ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අදහස් පළ කළේ මෙලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා මෙහිදී පැවසුවේ 2017 වසරේ සිට නිවැරදිව පොල් වගාවට පොහොර යොදා නොමැති බවයි.
පොල් ඵලදාව වැඩි කිරීම වෙනුවෙන් ගන්නා පියවර පිළිබඳ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙලෙස අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.