Wednesday, February 5, 2025

General line - 0115112241

වී ගන්න මිල ප්‍රකාශයට - නාඩු 120යි - සම්බා 125යි




වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් වෙනුවෙන් ගෙවන මිල ගණන් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 120ටයි. සම්බා වී කිලෝ එකක් රුපියල් 125කට මිලදී ගනු ඇති. කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ. 

අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.

වී අලෙවි මණ්ඩලය හරහා රජය මෙම මිලට මිලදී ගන්නේ වියළි වී බවයි අමාත්‍යවරයා පැවසුවේ.