Saturday, July 27, 2024

General line - 0115112241

පොඩි වැස්සටත් යටවන ප්‍රධාන තැන් 20 ක් කොළඹ නගරයේ




කෙටි කාලයක් තුළ ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හමුවේ ජලය පිරී යන ස්ථාන 20ක් පමණ කොළඹ නගරයෙන් හඳුනාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධණ පවසනවා. එවැනි ස්ථානවල පහළ ජල ධාරා ප්‍රදේශවල පවතින අනවසර ඉදි කිරීම් හේතුවෙන් ඇතැම් ස්ථාන නිවැරදි කර ගැනීමේ අපහසුවක් පවතින බවයි ඇය ප්‍රකාශ කළේ. 


කෙටි කාලයක් තුළ ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හමුවේ ජලය පිරී යාමේ අවධානමක් පවතින කොළඹ නගරයේ පිහිටි ස්ථාන පිළිබඳවද ඇය මෙලෙස පැහැදිලි කළා.


මෙම තත්ත්වය පාලනයට ගෙන ඇති පියවර මොනවා ද ?


මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මේ දිනවල පවතින අධික වැසි තත්ත්වයට හේතුව ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවයක් බවයි. ඒ අනුව අද දිනයේ ද දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.