Thursday, May 9, 2024

General line - 0115112241

පකිස්තානයේ ළමා ශ්‍රමිකයින් ඉහළට




රට තුළ පවතින දරුණු ආර්ථික අර්බුධය හමුවේ පකිස්තානය තුළ ළමා ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

එරට නවතම සංඛ්‍යා ලේඛණ මගින් පෙන්නුම් කරන්නේ පකිස්තානයේ නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරිමට ෆෙඩරල් සහ පළාත් රජය අපොහොසත් වීම හේතුවෙන් ළමා මෙහෙකාර සේවය රට තුළ ඉහල යමින් ඇති බවයි.

ආර්ථික අර්බුධය හමුවේ ළමා ශ්‍රමිකයින් ඉහල ගොස් ඇති අතර අඩු වැටුප් යටතේ සේවා සපයා ගත හැකි බැවින් දරුවන් ශ්‍රමිකයින් ලෙස බඳවා ගැනීම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නවතම වාර්තා අනුව වයස අවුරුදු 10 ත් 14 ත් අතර ළමුන් 700,000 කට වැඩි පිරිසක් රට පුරා ගඩොල් පෝරණුවල සහ කෘෂිකාර්මික අංශයේ ශ්‍රමිකයින් ලෙස සේවය කරනවා. 

එමෙන්ම රට පුරා විවිධ අංශවල නියැලී සිටින මිලියන 71 කට අධික ළමුන්ගේ මුළු ශ්‍රම බලකායෙන් මිලියන 26 ක් කෘෂිකර්මාන්තයේ සහ ගඩොල් පෝරණුවල සේවය කරන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම පකිස්තානයේ ගැහැනු ළමයින් 399,000 කට වැඩි පිරිසක් සහ පිරිමි ළමුන් 294,000 කට අධික පිරිසක් කුඹුරුවල සේවයේ නිරතව සිටින බව ද සඳහන්