Thursday, May 9, 2024

General line - 0115112241

පිලිපීනයට ප්‍රභල භූ කම්පන දෙකක් - ජපානයටත් සුනාමි අනතුරු ඇගවිම්




පිලිපිනයට ඊයේ රාත්‍රියේ ප්‍රබල භූ කම්පන දෙකක බලපෑම් එල්ල වුණා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ ඉන් පළමු භූ කම්පනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 07යි දශම 06ක් බවයි.

දෙවන භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 06යි දශම 04ක්. එහි වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ පිලිපීනයේ දෙවන විශාලතම දූපත වන මින්දනා ඕ  දූපතටයි.

භූ කම්පන තත්ත්වය දැනීමත් සමඟ පිලිපීන ජනතාව ගොඩනැගිලිවලින් ඉවත්ව මාර්ගවලට එක්රැස්ව සිටිනු දක්නට ලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

භූ කම්පන ද්විත්වයේ ප්‍රභලත්වය හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශ කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණු අතර සුනාමි තත්වයක්ද ඇති විය හැකි බවටයි බලධාරීන් සැක පළ කළේ.

ඒ අනුව, පිලිපීනයේ වෙරළාසන්න ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබුණා. 

මේ අතර, පිලිපීනයට බලපෑ භූ කම්පන ද්විත්ව හමුවේ ජපානයට සහ මැලේසියාවේ වෙරළාසන්න ප්‍රදේශ කිහිපයකටද සුනාමි අනතුරු ඇගවිම් නිකුත් කළා.

ජපානයට මීටර් 03ක පමණ උසකින් යුත් සුනාමි තත්ත්වයක් බලපානු ඇතැයි අපේක්ෂා කෙරුණද මුහුදු රළ අඩි 01යි දශම 03ක් පමණ උසකින් නැගුණු බවයි ජපාන කාලගුණ බලධාරීන් පැවසුවේ.