Friday, March 29, 2024

General line - 0115112241

‘ශ්‍රීලනිප’ ය අමුතු මැච් එකක් ගහලා – මහින්දානන්ද




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා ගත් තිරණය සම්බන්ධයෙන් මේ වනවිට දේශාපලන ක්‍ෂේත‍්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ජාතික ආණ්ඩුවේ වර්ෂ පූර්ණ සැමරුම් උත්සවයට ඉකුත්දා මාතරදී එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව දේශපාලන පක්‍ෂයක් බිහිකළහොත් රහස් රැසක් හෙළි කිරීමටද සූදානම් බවයි.

මෙම කරුණු සම්බන්ධයෙන් නෙත් නිවුස් ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජික මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයාගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී හෙතෙම පැවසුවේ විපක්ෂට පැමිණියේ මෙම සියලු අභියෝගයන් දැනගෙන බවයි. සංවිධායකවරුන් ඉවත් කිරීම තුළිත් පවතින ගැටලුවට විසඳුමක් නැති බවත් ඉවත් කළ අය අතර තමන්ද සිටී යැයි සිතා සිටි බවත් පැවසුවා. කෙසේවෙතත් සංවිධායකවරු ඉතුරු කරයි කියා මොනම හේතුවක් නිසාවත් ආණ්ඩුවට නොයන බවත් සඳහන් කළා.

මෙම සංවිධායකවරුන් ඉවත් කිරීම තුළ තවත් ක්‍රියාකාරී කොටසක් නම්ම ගැනීමේ අරමුණක් ඇති බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයා සඳහන් කරන්නේ.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමුතු මැච් එකක් ගහලා තියෙන්නෙ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්ත වගේ අයව ඉවත් කරලා නැහැ. ඒ වගේම කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රීයාකාරී අයවත් ඉවත් කරලා නැහැ. මේ එක ගලෙන් කුරුල්ලෝ කිහිපයක් බා ගන්න බලන්නෙ.” යනුවෙන්ද පැවසුවා.