Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දියාවේ ප්‍රාන්ත 03 ක් මෝදිගේ බලය යළි තහවුරු කරයි




ලබන වසරේ පැවැත්වෙන තීරණාත්මක මහ මැතිවරණයට පෙර ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණ හතරෙන් තුනක් ජය ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය සමත්ව තිබෙනවා.

ඒ අනුව මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චත්තිස්ගාර් ප්‍රාන්තවල පැවැති මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

තෙලන්ගානා ප්‍රාන්තයේ මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂය පෙරමුණේ පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

නොවැම්බර් මාසයේ පැවති ඡන්ද විමසීමේදී ඉන්දියාවේ ඡන්දදායකයින්ගෙන් හයෙන් එකක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවයි වාර්තා වන්නේ.  

මිසෝරාම් ප්‍රාන්තයේ ප්‍රකාශිත ඡන්ද හෙට සිදුකිරීමට නියමිතයි.