Thursday, May 9, 2024

General line - 0115112241

චීනය ගැන අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්




අමෙරිකාවේ වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ චීනය සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ ඉකුත් දා කැලිෆෝනියාවේ පැවැති වාර්ෂික ජාතික ආරක්ෂක සංසදයේදී අදහස් දක්වමින්.

එහිදී ඇය පවසා ඇත්තේ ජාතික ආරක්ෂාව සඳහා යතුර වන අති නවීන තාක්ෂණය චීනයට ගලා යාම වළක්වා ලිය යුතු බවයි.

ඇය ඒ බව පවසා ඇත්තේ අමෙරිකාවේ නීති සම්පාදකයින්ට සහ අමෙරිකාවේ මිතුරු පාර්ශවීය රටවලට බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

චීනය යනු මෙතෙක් තිබූ විශාලතම තර්ජනය බව ද ඇය පවසා තිබෙනවා.

චීනය යනු අමෙරිකාවේ සහ මිත්‍ර පාර්ශවයේ මිතුරා නොවන බවත් අමෙරිකාවේ වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.