Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින සටන අද




සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (21) පැවැත්වෙනවා.

දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30 ටයි. පැවති ටෙස්ට් තරගාවලියේදී 3 ට බින්දුවක් ලෙස ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කිරීම නිසා සිය කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ ඉහළ මානසිකත්වයකින් බවයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ.

එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරග වදින්නේ එම සටහනේ අංක එක ස්ථානයේ පසුවන ඔස්ටේ‍්‍රලියනු කණ්ඩායම සමගයි. අද තරගය පැවැත්වෙන කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර මේ දක්වා එක්දින තරග 12ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 6ක ජය ශී‍්‍ර ලංකා කණ්ඩායම අත්කර ගෙන ඇති අතර ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග 5ක් ජය ගැනීමට සමත් වුණා. එක් තරගයක් අවසන් වූයේ විසඳුමකින් තොරවයි.

සමස්තයක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර මේ දක්වා එක්දින කි‍්‍රකට් තරග 91 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 56ක ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගත් අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය ගත්තේ තරග 31ක් පමණයි.