Thursday, May 9, 2024

General line - 0115112241

වියට්නාමය ජපානයට අත වනයි




වියට්නාම ජනාධිපති වෝ වැන් තොන් ඉකුත් දා ජපානයේ සංචාරයක නිරත වුණා.

එහිදී ඔහු ජපන් අග්‍රාමාත්‍ය ෆු මියෝ කිෂිඩා හමුවු බවයි විදෙස් මාධ්‍ය පැවසූවේ.

එහිදී ඔවුන් දෙරට අතර පවතින වෙළඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටද එකඟ වී තිබුණා.

මෙම සංචාරය අතරතුරදී වියට්නාම ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජපානය යනු වියට්නාමයට උපාය මාර්ගික වශයෙන් වැදගත් මිතුරෙකු බවයි.

එමෙන්ම ජපානයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට සහය ලබා දෙන බවද වියට්නාම ජනාධිපතිවරයා පවසා තිබෙනවා.