Friday, April 19, 2024

General line - 0115112241

බිලියන 120 ක් වියදම් කර මත්වූවන්ට ප්‍රතිකාර කරන්න බි. 212 ක් යයි




2015 වසරේ අයවැය සංඛ්‍යාලේඛණවලට අනුව මෙරට ජනතාව රුපියල් බිලියන 80 ක මුදලක් මධ්‍යසාර මිලදී ගැනීම සඳහා වියදම් කර ඇති බව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි ප‍්‍රකාශ කළේ දුම්වැටි මිලදී ගැනීම සඳහාද රුපියල් බිලියන 40 කට වැඩි මුදලක් එලෙස වියදම් කර ඇති බවයි.

ඒ අනුව මෙරට ජනතාව වසරකට රුපියල් බිලියන 120 ක් පමණ මත්පැන් සහ දුම්වැටි මිලදී ගැනීමට වියදම් කර ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් රෝගී වන පුද්ගලයන්ට ප‍්‍රතිකාර කිරීමට රුපියල් බිලියන 212 ක මුදලක් ඉකුත් වසරේදී වියදම් කර ඇති බවද වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.