Thursday, May 9, 2024

General line - 0115112241

ගාසා තීරය ගැන ඊශ්‍රායලයෙන් දරුණු තීරණයක්




ගාසාතීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දරුණු තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගාසා යුද්ධය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සමඟයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර බලපෑම් නොතකා ඊශ්‍රායලය ගාසා යුද්ධය අවසානය තෙක්ම සිදුකරගෙන යන බවයි.

තම අරුමණ ජයග්‍රහණය පමණක් බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසුවා. 

ඊශ්‍රායල් විදේශ අමාත්‍ය එලී කොහෙන් පවසා ඇත්තේ ජාත්‍යන්තර සහයෝගය ඇතිව හෝ නැතිව ගාසා තීරයේ යුද්ධය දිගටම පවතිනු ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම හමුවේ හමාස් සංවිධානයට විශේෂ වාසියක් හිමිවන බවයි ඔහු  විශ්වාසය පළ කර ඇත්තේ.

ඊශ්‍රායලයේ පාර්ශවයෙන් මෙවැනි තීරණයක් ප්‍රකාශයට පත්වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන ඇති පසුබිමකයි.

ඊශ්‍රායලයට සහය දැක්වූ අමෙරිකාව ද මේ වන විට ඒ සම්බන්ධයෙන් පසුවන්නේ දෙගිඩියාවකයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසාතීරයට දිගින් දිගට ම බෝම්බ හෙලීම හේතුවෙන් ගෝලීය සහයෝගය ඔවුන්ට අහිමිවීමට පටන් ගෙන ඇති බවයි.

ඔක්තොම්බර් 7 වනදා සිට පවතින ගාසා යුද්ධය හේතුවෙන් හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල් වැසියන් 1,200 ක් මිය ගියා.

ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් සංඛ්‍යාව 18,600 ක්.