Thursday, May 9, 2024

General line - 0115112241

 අමෙරිකානු ජනපති අමාරුවේ දමමින් දෝෂාභියෝගයක්




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවී ඇති දූෂණ ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කරනු ඇති.

අදාළ දෝෂාභියෝග විමර්ශනය සඳහා වූ යෝජනාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමක් පවත්වා ඇති අතර, එහි දී අදාළ යෝජනාවට පක්ෂ ව ඡන්ද 221ක් ලැබී ඇති අතර, විපක්ෂ ව ලැබි ඇත්තේ ඡන්ද 212ක් පමණයි.

ජෝ බයිඩ්න් උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය පදනම් කරගනිමින් අල්ලස් හා දූෂණ චෝදනා මෙම දෝෂාභියෝගය හරහා එල්ලකරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් සිය විරුද්ධවාදීන් අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් තමන්ට පහර දෙමින් ඇති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.