Thursday, May 9, 2024

General line - 0115112241

ලෝකෙම ණය හිමියා බරටම ණය වෙයි.




චීන වැසියන්ගෙන් මිලියන ගණනක් පිරිසක් සිය ණය පියවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම වාර්තා පවසන්නේ ණය පියවීමට අපොහොසත් වීම හේතුවෙන් චීන වැසියන් විශාල පිරිසක් අසාදු ලේඛනගත කර ඇති බවයි.

එලෙස අසාදු ලේඛණගත කළ පිරිසෙන් බොහෝදෙනෙකු වයස අවුරුදු 18 සහ 59 අතර වයස් කාණ්ඩයේ සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොවිඩ් වසංගතය සහ දැඩි නීති යටතේ රට වසා දැමීම හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුධය මධ්‍යයේ චීන වැසියන් විශාල පිරිසක්  එලෙස ණය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා සමයේදී අන්තර්ජාලය හරහා ණය ලබාගැනීමට පහසු වී ඇති බැවින් බොහෝ පිරිසක් සිය මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ණය ලබා ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මේවනවිට සිය ණය පියවා ගැනීමේ ගැටළුවකට මුහුණ පා ඇතැයි ද විදෙස් මාධ්‍ය පැවසුවා.

ණය පැහැර හැරීම හේතුවෙන් අසාදු ලේඛනගත කර ඇති පුද්ගලයින්ට වෙනත් ණය ලබා ගැනීමට හැකියාවක් හිමිවන්නේ නැහැ.

එමෙන්ම ඇතැම් අවස්ථාවල සිවිල් සේවකයින් ලෙස වැඩ කිරීම පවා ඔවුන්ට තහනම් බවයි වාර්තා වන්නේ.