ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අසනිප නිවාඩු වාර්තා කරමින් දිවයින පුරා වනජිවි නිලධාරින් අද එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.
සමස්ථ ලංකා එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්රභාෂ් කරුණාතිලක පැවසුවේ වනජිවි නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරිම, සේවක හිගයට විසදුම් ඉල්ලා සිටීම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්රියාමාර්ගය දියත් කරන බවයි.
සිය වෘත්තීය ක්රියාමාර්ග හේතුවෙන් ක්ෂේත්ර කිපයකට බලපෑම් එල්ල වන බවයි එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ වන විට රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින් 85 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, ඉන් 23 දෙනෙකු වනඅලි ප්රහාරවලින් මිය ගොස් ඇති බවත් මෙහිදී ප්රකාශ කෙරුණා.