Thursday, May 9, 2024

General line - 0115112241

තුර්කිය අමෙරිකාවට දොස් කියයි




ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්වන ලෙස ඊශ්‍රායලයට බල කරන්නැයි තුර්කිය අමෙරිකාවට පවසනවා.

එමෙන්ම ඊශ්‍රායලය වෙස්ට් බෑන්ක් ප්‍රදේශයට එල්ල කරන ප්‍රහාර ද නැවැත්විය යුතු බවයි තුර්කිය අමෙරිකාවට පවසා ඇත්තේ.

තුර්කි විදේශ අමාත්‍ය Hakan Fidan විසින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් වෙත මේ බව පවසා තිබෙනවා.

ඒ ඔවුන් අතර පැවැති දුරකථන සංවාදයකදීයි.

ඊශ්‍රායල නායකයින් යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙනවිත් විභාග කළ යුතු බවයි තුර්කි විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.

එමෙන්ම ඊශ්‍රායලයට බටහිර රටවල් සහයෝගය ලබා දෙන බවටත් තුර්කි විදේශ අමාත්‍යවරයා එහිදී චෝදනා කර තිබුණා.