Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 141 කට පාර්ලිමේන්තුව තහනම්




ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 49 දෙනෙකුට අද ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටවනු ලැබුවා.

එලෙස සිදුකරනු ලැබුවේ ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 79 දෙනෙකුට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති පසුබිමක් තුළයි.

ඒ අනුව මේවනවිට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 141 ක්.

ඉකුත් දා පාර්ලිමේන්තුවේ සිදුවූ ආරක්ෂාව බිඳ වැටීම සහ ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත වුනු මන්ත්‍රීවරුන් පිරිසක් එලෙස පාර්ලිමේන්තු තහනමට ලක්ව සිටිනවා.

කෙසේවෙතත් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය පවසන්නේ අත්තනෝමතික මෝදි රජයක් විසින් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් කුණු කූඩයට දමන බවයි.