Thursday, May 9, 2024

General line - 0115112241

විදුලි බිල නිසා පකිස්තාන ජනතාවත් පීඩාවට




පකිස්තානයට අයත් ජම්මු සහ කාශ්මීරය කොටසේ (PoJK) වෙසෙන ජනතාව දැඩි ජීවන අරගලයක නිරත වී සිටින බව වාර්තා වනවා.

දුෂ්කර ජීවිතය මත දැඩි බර පැටවීමෙන් ඔවුන් දිගින් දිගටම පීඩා විඳින බව විදෙස් මාධ්‍ය පවසයි.

අධික විදුලි බිල සාමාන්‍ය ජනතාවගේ ජීවන ගැටළු දැඩි කර ඇතැයි සඳහන්.

රාජ්‍ය සේවකයින් පවා සිටින්නේ දැඩි ජීවන අරගලයක බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ගුරුවරුන්ගේ හා මහාචාර්යවරුන්ගේ අවම වැටුප ඉහළ නැංවීමට පවා ප්‍රාදේශීය පරිපාලනය අපොහොසත් වීම හේතුවෙන් විරෝධතා උද්ගත වී තිබෙනවා.

ඒ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ද පවතින්නේ ගැටළු රැසකයි.

පකිස්ථානයේ විදුලි පිරිවැය පසුගිය මාස තුන තුළ දෙගුණයකින් වැඩි වී තිබෙන බවයි පැවසෙන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස විරෝධතා මාලාවක් රට තුළ වර්ධනය වුණා.

පකිස්තානය යටතේ පවතින ජම්මු කාශ්මීර කොටසේ තිරිඟු පිටි සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා අධික බදු පනවා තිබෙනවා.

ඒ හේතුවෙන් ජනතාව ගෙවන්නේ පීඩිත ජීවිතයක් බව සඳහන්.

විදුලි බිල අධික වීම හේතුවෙන් ශීත කාලය තුළ එම වැසියන් අසරණ තත්ත්වයට පත්ව සිටින බවද වාර්තා වනවා.