ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් හිටපු අමාත්‍ය දයාශ්‍රිත තිසේරා විපක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට වාර්තා පළ වෙනවා.
බොහෝදුරට ඔහු අද දිනයේදී සමගි ජනබලවේගය සමඟ එක්වනු ඇති බවටයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
මීට පෙර ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජනබලවේගය සමඟ එක් වුණා.
ඔහුට අම්බලන්ගොඩ ආසන සංවිධායක ධූරය ද ලබාදීමටයි කටයුතු කෙරුණේ.