Saturday, July 27, 2024

General line - 0115112241

සිම්බාබ්වේට එරෙහිව අසලංකගෙන් ශතකයක් - සිම්බාබ්වේට ලකුණු 274ක ඉලක්කයක්




සිය එක්දින තුන්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ චරිත් අසලංක අද සමත් වුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරඟයේදීයි.

එහිදී චරිත් අසලංක පන්දු 95කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 101ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර පහක් ඇතුළත් වුණා.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් රැස්කර සිටියදී දැවී ගියා.

සදීර සමරවික්‍රම ලකුණු 41යි.

සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 25 සීමාව පසු කර යාමට සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ජයග්‍රාහී ලකුණු 274ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම මීට බොහෝ වේලාවකට පෙර පන්දු වාර 1ක් අවසානයේ කිසිවකු නොදැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 1ක්.