Saturday, September 21, 2024

General line - 0115112241

‘ෆයිල් සහ රහස්’ ගැන ජවිපෙ කට අරියි




නව දේශපාලන පක්‍ෂයක් බිහි කළහොත් රහස් හෙළි කරන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මාතර ඊයේ (20) පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මේ ආකාරයටම ඇතමුන්ගේ ෆයිල් ආරක්‍ෂා කළ බවයි.

හෙතෙම වැඩි දුරටත් පැවසුවේ “මෙය මෙරට ජනාධිපතිවරුන්ට හැදිලා තියෙන ලෙඩක්. දැන් පක්ෂය හැදුවෙ නැත්නම් ඒ රහස් හංගගෙන ඉන්නවාද?. ඒක ජනවරමට පටහැනි නැද්ද? මේකෙන් තේරෙන්නෙ මොකක්ද?. දෙකම එකයි.” යනුවෙනි.