Sunday, June 2, 2024

General line - 0115112241

සිම්බාබ්වේ - ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයටත් වැස්ස හරස්වන ලකුණු




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා. 

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයද ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 2.30 ටයි.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවනු ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පැවසුවේ.

දෙරට අතර පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 273 ක් රැස්කළා.

ජයග්‍රාහී ලකුණු 274ක් රැස් කිරිමට පිටියට පිවිසි සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම  පන්දුවාර 4 කට මුහුණදී සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරිමට සිදුවුණා.

ඒ වනවිට  ඔවුන් කඩුළු 2 ක් දැවී ලකුණු 12ක් රැස්කර සිටියා.

මේ අතර අද පස්වරුවේද බස්නාහිර පළාතටද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.