Saturday, September 21, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වය අවසන් – ප්‍රතිඵල කඩිනමින්




අද (21) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ලබන ඔක්තෝම්බර් මස 15 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පැවසුවේ සියලු උත්තර පත‍්‍ර අද මධ්‍යම රාති‍්‍රය වනවිට කොළඹ පිහිටි විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

උත්තර පත‍්‍ර ඇගයීමේ කටයුතු ලබන 29 වැනිදා ආරම්භ කෙරෙනවා. එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන මස 03 වැනිදායි. උත්තරපත‍්‍ර ඇගයීම මධ්‍යස්ථාන 39 කදී ගුරුවරුන් අට දහසකගේ පමණ සහභාගිත්වයෙන් සිදු කෙරෙනු ඇති.
අද පෙරවරු 9.30 ට ආරම්භ වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූයේ මධ්‍යහ්න 12 ටයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්‍ෂ පනස් දහස් හත්සිය එක්දෙනෙකු පෙනී සිටියා. ඉන් 421 ක් දෙනෙකු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යස්ථාන දෙදහස් නවසිය පනස් නවයකදී විභාගය පැවැත්වුණා.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසු ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍රය තවදුරටත් රහස්‍ය ලේඛණයක් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා එය ළග තබාගැනීම, පිටපත් කිරීම, ඡායා පිටපත් ළග තබාගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම හෝ පුවත්පත් මගින් ප‍්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වනවා. කිසියම් පුද්ගලයෙකු හෝ තැනැත්තෙක් මෙවැනි කි‍්‍රයා සිදුකරන්නේ නම් ළගම ඇති පොලිස් ස්ථානයට හෝ 1911 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් විභාග දෙපාර්තමේන්තුවට ඒ පිළිබද දැනුම් දිය හැකියි.