සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
තරඟයේ කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් අද තරඟයේදී සිදුව තිබෙනවා.
ඒ අනුව නවක ක්‍රීඩක ෂෙවෝන් ඩැනියල් කණ්ඩායමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
19 හැවිරිදි ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟය මෙයයි.
ආබාධයකට ලක්වූ වනිඳු හසරංග ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 11 යි පන්දු 05 ක් අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 48 ක් රැස් කර ගෙන සිටියා.