උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
ඒ, ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන දෙක අතරදී දුම්රියක මැදිරියක් පීලි පැනීමට ලක් වීම හේතුවෙන්.
පස්වරු තුනට පමණ එලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පීලි පැනීමට ලක් වූ දුම්රිය මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.